හවුල්කාරීත්වය 21 (“P21”) වාර්තාව
හවුල්කාරීත්වය 21 (“P21”) වාර්තාවට අනුව
21 වන සියවසේ ඉගෙනීමේ කුසලතා
21 වන සියවසේ ඉගෙනීම් සඳහා හවුල්කාරිත්වය ( Partnership for 21st century Learning – P21) යනු එම සියවසේ ඉගෙනුම් කුසලතා ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා කරන සංවිධානයකි. මෙයට අනුව ඉගෙනීම සම්බන්ධ ප්‍රධාන සංරචක 4කි. මෙම සංරචක 4 එකිනෙකට අන්තර් වශයෙන් රඳා පැවතීම 21 වන සියවසේ සාර්ථකත්වයට හේතු වේ. ඒවා නම්,
v මූලික විෂය
v ඉගෙනුම් නවෝත්පාදන කුසලතා
v තොරතුරැ මාධ්‍ය සහ තාක්ෂණ කුසලතා
v ජීවන සහ වෘත්තීය කුසලතා
P
21 රාමුව මෙම සියවසේ සාර්ථකත්වය සඳහා සිසුන් සුදානම්
කිරීමට සාම්ප්‍රදායික අධ්‍යයන විෂයන්ට අමතරව පුඵල් පරාසයක කුසලතා සහ නිපුණතා වර්ධනය කිරීමේ වැදගත්කම ඉස්මතු කරයි.
Development skills according to P21
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී 21
සියවසේ කුසලතා වර්ධනය කිරීම.
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී 21 වැනි සියවසේ
කුසලතා වර්ධනය කිරීමට භාවිත කල හැකි උපාය මාර්ග කිහිපයකි.
v 21 වන සියවසේ කුසලතා ඒකාබද්ධ කරන විෂය මාලාවක් සැලසුම් කිරීම.
v ව්‍යාපෘති පාදක ඉගෙනීම භාවිතය.
v තාක්ෂණය සම්බන්ධ කිරීම.
v ප්රත්යාවේක්ෂණය දිරිමත් කිරීම.
v ශිෂ්‍ය නායකත්වයට අවස්ථා ලබා දීම
v ධනාත්මක පන්තිකාමර සංස්කෘතියක් පෝෂණය කිරීම.
Comments
Post a Comment